ජන කවියේ
අපූර්වත්වය
“ කිරලා හඬන්නේ වෙලා මැද එනවාද
බල්ලා බුරන්නේ
දෙවටින් එනවාද
බළලා අඬන්නේ
මිදුලින් එනවාද
පුසුඹ ගහන්නේ මගෙ පණ එනවාද”
කටවහරේ ජීව ගුණය උපයෝගී කරගනිමින් පාරිසරික චිත්‍රය
කලාත්මකව ඉදිරිපත් කරන්නේ යටි අරමුණක් සහිතව සේම සජීවී බවකින්ද යුක්තව මෙම කවිය
ඉදිරිපත් කොට ඇත.
ජන කවි අතර අපූර්වත්වය ඉස්මතු කරන කවි විශේෂයක් ලෙස
පන්නම් කවි හඳුනා ගත හැකිය. එහිදී නැන්දම්මා - ලේලිය අතර සිදුවන අදහස් හුවමාරු
අපූරු ලෙස කවියට නගා ඇත්තේ මෙසේය.
“පා
සතරකි කුර අටකුත් හිඳ
වියනා
දෙබර හුරෙකි
පෙති ගෝමර වට දිලෙනා
සිරස උඩින්
අන් දළු දෙකකුත් දිලෙනා
මුවා රුවැති
ලේලිට පෙනුමට වියනා
පය සතරකි නියපොතු විස්සකි පුරනා
රකුසු
මුණ ජයටම රැවුලක්
වියනා
වල්ග සුනෙර පෙති ගෝමර වට දිලෙනා
මුවා
කන්ට දිවියෙකු නැන්දට වියනා ’’
එසේම තමන්ගේ රාජකාරිවල කටුකත්වය මග හරවා ගන්නටද ගැමියා
ජන කවි නිර්මාණය කොට ගත්හ. ඒවා තුළද ඇත්තේ අපුර්වත්වයකින් මෙන්ම නිර්මාණාත්මක
ගුණයෙන් යුතුව තම අදහස් සන්නිවේදනය කරන්නට ඔවුන් කවිය උපයෝගී කරගෙන ඇති ආකාරයද
පෙනී යයි.
“ මිනිරන් පතල හරියට අපේ ගෙදර වගෙයි
ලියන අප්පු පවුලට ලොකු අයිය වගෙයි
බත් දෙන කෝකියා හරියට මවුන් වගෙයි
බෝඩන් ගොල්ල පමණක් යම පල්ලො වගෙයි ’’
මෙකී ජන කවි අපේ මුතුන් මිත්තන්ගේ ජීවන රටාව පිළිබඳව මනා
වූ අවබෝධයක් ලබා දෙන අතරම ඒවා රිද්මයනුකුලව ගායනා කිරීමෙනුත් ඒවායේ අරුත් වටහා
ගැනීමෙනුත් අපට ලැබිය හැකි වින්දනය ඉතා විශාලය.