යුරෝපියානු මෙන්ම ආසියානු කලාපයේද සුවිශේෂී වූ ඓතිහාසික මැටි භාණ්ඩ දක්නට ලැබේ. ශිලා යුගයේදී ලක්දිව මැටි කර්මාන්තය ආරම්භ වූ බව පුරාණ සාහිත්‍ය ග්‍රන්ථවල දැක්වේ. ශිරාන් දැරණියගල මහතා විසින් ඓතිහාසික මැටි භාණ්ඩ වර්ග කීපයක් බෙදා දක්වා තිබේ. එනම්;
- කාල රක්ත මැටි භාණ්ඩ
- සියුම් රක්ත මැටි භාණ්ඩ
- රතු ආලේපිත මැටි භාණ්ඩ
- ලා රතු මැටි භාණ්ඩ
- කහ වර්ණ මැටි භාණ්ඩ
- මෝස්‌තර සහිත මැටි භාණ්ඩ
- දුඹුරු පැහැති මැටි භාණ්ඩ ලෙස හඳුනා ගත හැකිය.
ලංකාව තුල මැටි බඳුන් අතීතයේ භාවිත කල බවට විවිධ සාධක කැනීම්වලින් හමු වී ඇත. එකී සාධක කිහිපයක් මෙසේ හඳුනා ගත හැකිය.
- W.H. විජයපාල මහතා 1991 කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල කැණීම්වලින් ලංකාවේ පුරාණම මැටි බඳුන්වල විස්තර හමු වී ඇත. එකී කැණීම්වලදී දොරවක කන්ද ධාන්‍ය තැන්පත් කල මැටි බඳුන් තිබූ බවට සාධක හමු වී ඇත.
- 1982 දී හෝර්ටන් තැන්නේදී සිදු කල කැණීම්වලදී මැටි බඳුන් පිලිබඳ අලුත් තොරතුරු හමු වී ඇත.
- බලන්ගොඩ සිදු කල කැණීම්වලදී සකපොරුවකින් නිර්මාණය කරන ලද මැටි බඳුන් හමු වී තිබේ.
- ඉබ්බන්කටුව, පොම්පරිප්පු, හොරොව්පතාන, කරෙයිනගර් ආශ්‍රිත කැණීම්වලදී කළු රතු මැටි බඳුන් හමු වී ඇත.
- කිරිඳි ඔය හා තිස්ස වැව ආශ්‍රයෙන් සිදු කල කැණීම්වලින් පූජා කටයුතු සදහා යොදා ගත මැටි බඳුන් හමු වී ඇත.
- රොබට් නොක්ස් තම වාර්තාවල සිංහලයන් විසින් මැටි බඳුන්, හැඳි ආදිය භාවිත කල බව දක්වා ඇත.
මැටි භාණ්ඩ අලංකරණය සදහා විවිධ වූ ක්‍රම අතීතයේ භාවිත කර ඇත. ලංකාවේ දේශීය අලංකරණ ක්‍රම 4ක් දැක ගත හැකිය. එනම්;
- පටිඟු
- රූප
- කැටයම්
- දිය සායම් හා තෙල් සායම් ලෙසින් හඳුනා ගත හැකිය. එසේම මැටි භාණ්ඩ සායම් කිරීමට විවිධ වූ වර්ණ යොදා ගනු ලබයි. එකී වර්ණ සෑදීමට විවිධ වූ අමුද්‍රව්‍ය යොදා ගනු දක්නට ලැබේ.
- සුදු - මකුළු මැටි
- රතු - සාදලිංගම් ඇඹරීමෙන්
- කහ - හිරිගල් ඇඹරීමෙන්, ගොතටු ගසේ යුෂයෙන්
- කළු - අඳුන් දැලි, කොස් කිරි, කැකුණ තෙල්, හල්දුම්මල
- නිල් - අවරිය කොළ යුෂ කැකාරීමෙන්
- කොළ - නිල හා කහ වර්ණ මිශ්‍ර කිරීමෙන්
- රන් පැහැය - ගම්මාළු පොතු, ගොතටු පොතු
වර්තමානය වන විට වියැකී යන මෙම මැටි භාණ්ඩ කලාව කෞතුකාගාර ආශ්‍රිතව සංරක්ෂණය කර ඇති නිසා ඓතිහාසික මැටි භාණ්ඩ පිලිබඳ තොරතුරු ඒ ඔස්සේ දැන ගත හැකිය.
superb
ReplyDeletekeep it up
ReplyDeleteවර්තමානයෙන් ගිලිහි යන අපේ කර්මාන්ත... ස්තුති ඔබේ දැනුම බෙදා ගන්නවට
ReplyDeleteniyama wadak
ReplyDeletegood job
ReplyDelete🤘
ReplyDelete❤😍
ReplyDelete