පුරාණයේ සිට සමාජය තුල තහංචි ජීවන චර්යා පද්ධතිය සමඟ ගැබ්ව පැවතී ඇත. ඕනෑම අයෙක්ට පිටින් බලන කල තහංචි යනු නොකළ යුතු දෑය. නමුත් එය ගැඹුරින් අධ්‍යයනය කරන විට පෙනී යන්නේ සුන්දර, ග්‍රාමීය, අපූරු වාග් මාලාවක් භාවිත කරමින් ගැමියාගේ ජීවන රටාව හා බැඳුණු නිර්මාණාත්මක ක්‍රමවේදයක් බවයි. තහංචි පිලිබඳ අධ්‍යයනය කරන විට විවිධාකාරයේ තහංචි වර්ග අපට හමු වේ. ඒ අතර මගුල් තහංචි සඳහා හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. මගුල් තහංචි මනමාලියගේ පාර්ශවයෙන් මනමාලයාගේ පාර්ශවයේ දැනුම, දස්කම් විමසන්නට සිදු කෙරෙන උපායක් වන අතරම මෙතුලින් සහයෝගිතාව, අවබෝධය මෙන්ම මිත්‍රත්වය ද වර්ධනය වේ. මෙකී තහංචි තුල කඩුලු තහංචිය, බුලත් තහංචිය, පෝරුවට නැගීමේ තහංචිය, කොතල තහංචිය, පාවාඩ තහංචිය ආදී වශයෙන් තහංචි කොටස් කීපයක් දැක ගත හැකිය. ඒ සඳහා භාවිත කළේ කාව්‍යාත්මක වදන්ය. එසේ භාවිත කළ කවි මෙහිදී විමසා බලමු.
කඩුලු තහංචිය
බුද්ධං සරණේ සිරස තහංචි බුද්ධං සරණේ සිරස දරන්නෙමු
ධම්මං සරණේ දෙවුර තහංචි ධම්මං සරණේ දෙවුර දරන්නෙමු
සංඝං සරණේ දෙපය තහංචි සංඝං සරණේ දෙපය දරන්නෙමු
මේ තුන් සරණේ කඩුලු තහංචි මේ තුන් සරණේ කඩුලු පනින්නෙමු
දහම් නොවෙන අප මුනිදු දෙසන්නේ
පහන් එළියමද ලොවට පෙනෙන්නේ
සහන පති බඹු තුඩු අල්ලන්නේ
කඩුලු පනින්නට තහංචි වන්නේ
සැඩොල් කුලෙක අප මුනිදු උපන්දා
හඹුල් එකස් රජ එතැනට වැඩිදා
කුඹුල් සකක් මෙන් කැරකි ගියදා
කඩුල්ල පැන එන්නට නැත බාදා
බුලත් තහංචිය
පළමුව මේ කප නසනා කාලෙදි බුලත් තිබුනෙ කොහෙද කියන්
දෙවනුව මහා සම්මත රජවලියට බුලත් ගෙනාවේ කවුරු කියන්
පත්තිනි පාළඟ කුමරුට දුන් දා බුලත් ගෙතුවේ කවුරු කියන්
මෙතුන් පදේ තෝරලා මිස බුලත් හෙප්පුවට අත නොතියන්
පළමුව මේ කප නසනා කාලෙදි බුලත් ගෙනාවේ නාග ලොවෙන්
දෙවනුව මහා සම්මත රජවලියට බුලත් ගෙනාවෙත් නාග රජුන්
පත්තිනි පාළඟ කුමරුට දුන් දා බුලත් ගෙතුවෙත් නා රජුමයි
මෙතුන් පදේ තෝරාලා කීවයි බුලත් හෙප්පුවට අත තිබ්බයි
පෝරුවට නැගීමේ තහංචිය
උඩට බැඳපු උඩු වියන් තහංචි
බිමට එලපු පාවාඩ තහංචි
වටට බැඳපු වට තිරය තහංචි
මඟුල් පෝරුවට එන්න තහංචි
උඩු වියනේ හිරු දෙවියෝ වැඩ වෙසෙති
පාවඩයේ මිහිකත දෙවියෝ වෙසෙති
වට තිරයේ ගණ දෙවියෝ වැඩ වෙසෙති
පෝරු මස්තකයේ ලැගුමට මට අයිති
Great 👍👍
ReplyDeleteSuperb👌👍
ReplyDeleteනියමයි හරිම වටිනව..අපේ ජන සංස්කෘතිය ගැන මේ විදියට ලිපි මඟින් සමාජය වෙත දැනුවත් කරනවට
ReplyDeleteexellent
ReplyDeleteGreat
ReplyDeleteGreat🔥
ReplyDeletegood job mchn
ReplyDelete❤️❤️❤️❤️❤️❤️
ReplyDeleteGreat🤩
ReplyDeleteGreat job!! ❤️❤️
ReplyDeleteSuperb akki 👍
ReplyDeleteExcellent dr ♥️♥️♥️♥️
ReplyDeleteවටින තේමාවක්.ජය වේවා ❤️
ReplyDeleteKeep it up
ReplyDeleteGood job
ReplyDeleteGreat 👌
ReplyDeleteKeep it up 👏👏👏
ReplyDeleteNodanna karunu godak danagaththa, godak watina blog ekak 😍😍😍
ReplyDelete👌👏❤
ReplyDeleteWatina karunu ❤️❤️
ReplyDelete