Followers

Wednesday, December 1, 2021

වෙස් මුහුණු කලාව

                                                       ලෝකයේ කිසියම් ජාතියකට පැරණි වෙස් මුහුණු සම්පතක් උරුමව පවතින්නේනම් එකී ජාතිය ලොව පැරණිම ජාතියක් ලෙස සලකනු ලබයි. මේ අනුව සිංහලයාට පැරණි වෙස් මුහුණු සම්පතක් උරුමව තිබීම නිසා සිංහල ජාතිය ලෝකයේ පැරණි ජාතියක් ලෙස  ඉතිහාසඥයෝ සලකනු ලබයි. අතීත යුගවල ඒ ඒ ජන සංස්කෘතීන්ට නෑකම් කියමින් බිහි වුන වෙස් මුහුණු පැරණි පවුල් අතර මෙන්ම කෞතුකාගාරවල තවමත් දක්නට ලැබේ. සිංහල වෙස් මුහුණු ජාත්‍යන්තරයේ තවමත් වැජඹෙන්නේ එහි ඇති කලාත්මක සුන්දර බව නිසාය. 

      ප්‍රාග් ඓතිහාසික යුගයේ සිටම මානව සමාජය තුල වෙස් මුහුණු භාවිතා කල බවට සාධක ඇත. මිනිසා විසින් මුලින්ම වෙස් මුහුණක් නිර්මාණය කළේ කවදද යන්න නිශ්චිතව පැවසිය නොහැකි නමුත් සිංහල ජන සමාජය තුල වෙස් මුහුණු භාවිත කළේ කෙසේද යන්න විමසීමකට ලක් කරමු. 

      ගැමි පුද පුජා විධිවල මෙන්ම නාට්‍යවල පෙනී සිටින අපුර්ව චරිතයන් මුර්තිමත් කල හැකි හොදම ක්‍රමය වෙස් මුහුණ යැයි සැලකූ සිංහලයෝ ඒවා නිර්මාණයට පෙළඹුණහ. ශ්‍රී ලාංකික සංස්කෘතිය තුල වෙස් මුහුණු නිර්මාණය පොදු ජනයා අතර ජනප්‍රිය ඇදහිලි හා අභිචාර සමගත් කෝලම්, සොකරි වැනි ගැමි නාටක සමගත් බැඳී පවතී. ශ්‍රී ලංකාවේ වෙස් මුහුණු සියල්ල චරිත වර්ග වශයෙන් බෙදා වෙන් කල හැකිය. 
  • දේව මුහුණු 
  • මනුෂ්‍ය මුහුණු 
  • යක්ෂ මුහුණු 
  • සත්ත්ව මුහුණු 
  • උපකරණාංග මුහුණු 
                                                         සිංහල වෙස් මුහුණු පන්තියේ තිබෙන විශේෂ ලක්ෂණයක් නම් සෑම චරිතයකටම වෙස් මුහුණක් තිබීමයි. තොවිල් හා ඇදහිලි ආශ්‍රිත වතවත්වලදීද මිනිසුන්ට අණවින කරන විවිධ යක්ෂයන් නිරූපිත මුහුණු මෙන්ම රෝග සඳහා භාවිත කරන සන්නි මුහුණුද වෙයි. සොකරි නටකයේදී වෙස් මුහුණු භාවිතා වන්නේ මැද වශයෙනි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ අලංකාරම වෙස් මුහුණු අපට අතීතයේ පටන් හමු වන්නේ කෝලම් නාටකය තුලිනි. 
                                                           අතීතයේ පටන් පැවත ආ මෙම වෙස් මුහුණු කලාව බටහිර සංස්කෘතියේ බලපෑමත් සමග දේශීය කලාවන් ක්‍රමක්‍රමයෙන් විනාශ වීමත් සමගම වෙස් මුහුණු කලාවද ක්‍රමයෙන් පරිහානියට පත් වීම සිදු විය.

15 comments:

බලි

                                                                       ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍රය හා සම්බන්ධ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම යාග ක්‍රමය ලෙ...