Followers

Thursday, November 25, 2021

හත් දා මගුල 🤵👰

 

හත් දා මගුල💍




                        විවාහය කියන්නේ උතුම් වූ මංගල්‍යයක්. එය ජීවන අවශ්‍යතාවයක්ද වෙනවා. අතීත ජන සමාජය තුල දීග විවාහ, බින්න විවාහ, එකගෙයි කෑම ආදී වශයෙන් විවිධාකාරයේ විවාහ ක්‍රමයන් පැවතිලා තියෙනවා. මේ කොයි ආකාරයේ මංගල්‍යයක් ගත්තත් කටවහරේ කියවෙනවා හත් දා මගුල් කනවා කියලා. මේ යෙදුම බොහෝ දෙනා අර්ථ ගන්වන්නේ දවස් 7ක් මගුල් කනවා කියලයි. නමුත් එයින් අදහස් කරන්නේ පියවර 7ක් යටතේ මංගල්‍යය සිද්ධ වෙනවා කියන එකයි. අතීතයේ සමාජය තුල විවාහයක් වෙද්දි මේ පියවර 7 අනිවාර්යයෙන් අනුගමනය කිරීම සිරිතක් වෙලා තියෙනවා කියල ජනශ්‍රැතිය අධ්‍යයනය කරද්දී පෙනී යන දෙයක්. ඒ පියවර 7 මේ විදියට අපට හදුනා ගන්න පුළුවන්.

  1. මනමාල පාර්ශවයේ වැඩිහිටි අය පමණක් පැමිණ මනමාලියගේ පාර්ශවයේ ගෙවල් දොරවල් විස්තර බලා ගන්නට පැමිණීම
  2.   මනමාලයා සමග මනමාලිය බලන්නට පැමිණීම
  3.  මනමාල පාර්ශවයේ නිවෙස් වෙත යාම
  4.  මනාල පාර්ශවය විසින් මනමාලියගේ පාර්ශ්වය වෙත විවාහයේ නැකත් පත්‍ර බාර දීම
  5.   මගුල් කතක් බැඳ මනමාල පාර්ශවය මනමාලියගේ පාර්ශ්වය වෙත යාම
  6.   පෝරුව මත විවාහ සම්ප්‍රාප්ත වීම
  7.   විවාහ වූ යුවල බලන්නට මනමාලියගේ පාර්ශවයෙන් යුවල සිටින නිවසට පැමිණීම

මේ ආකාරයට අතීතයේ මංගල කටයුතු සිද්ධ වෙලා තියෙන බව වගේම හත් දා මගුල් කනවා කියල කියන්නෙත් මෙකී පියවර 7 යටතේ මංගල කටයුතු සිද්ධ වෙන බව ජනශ්‍රැතිය ආශ්‍රයෙන් හදුනා ගන්න පුළුවන්.

17 comments:

  1. Thank you so much sharing valuable things...

    ReplyDelete
  2. බොහොම හරවත් රසවත් සටහනක්

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. ගොඩක් හොද වැඩක් 👍

    ReplyDelete
  5. කාලෙක ඉඳන් හෙව්ව එකක් ❣️

    ReplyDelete
  6. samajaye waradi watahim niwaradi karana lipiyak... lassanayi

    ReplyDelete

බලි

                                                                       ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍රය හා සම්බන්ධ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම යාග ක්‍රමය ලෙ...