අණබෝල යනු රිටවල් තුනකින් හිටවන ලද බෝල්පනා අතු කැටියකි. මෙම රිටවල් අඩි 6ක් පමණ උසින් යුක්ත වේ. අණබෝල බැඳීම යනු අණ පැනවිමකි. ඒ අණ පැනවීමට අයිතිය ඇත්තේ වැවේ රාජකාරි කරන්නාට පමණි. එබැවින් අණබෝල බඳින විට එය කාටත් නොපෙනෙන ලෙස රහසිගතව රෑ පාන්දර පැමිණ සිදු කල යුතුය. දියකඩ සීමාවේදී අණබෝල 3ක් බඳිනු ලබයි. අණබෝල බැඳීම ජනශ්‍රැතියේ එන සම්මතයකි. මේ තුලින් සම්ප්‍රදායික සන්නිවේදනයේ ලක්ෂණ මනාව පැහැදිලි වේ.
අණබෝල බැඳීම තුලින් එකී වැවේ වතුර ගැනීම, වැව් මාළු ඇල්ලීම, ආදිය තහංචි වේ. එකී තහංචිය බලපාන්නේ අණබෝල බැඳ ඇති සිමාව තුල පමණි. මෙය සිදු කරනු ලබන්නේ වැවේ ජලය ආරක්ෂා කර ගැනීමටයි. මන්ද ඉඩෝරය පැමිණීමත් සමග වැව්වල ජලය සිඳී යාමට පටන් ගන්නා නිසාවෙනි. ඒ නිසාවෙන් අණබෝල බැඳීමෙන් වැවේ ජලය මෙන්ම මසුන්ද ආරක්ෂා කිරීම සිදු කරයි.
අණබෝල තහංචිය ඉවත් කිරීමේ බලය ඇත්තේද අණබෝල් හිටවූ පුද්ගලයාටමයි. දිගින් දිගටම වැව හිඳෙමින් ඉඩෝරය තාව තවත් උග්‍ර වේ නම් අණබෝල් බැඳ තිබෙන සිමාවේ සිටින මසුන් පවා මිය යාමට ඉඩ ඇති නිසා අණබෝල ගලවා වැව් මාළු ඇල්ලීමට ඉඩ අවසර ලබා දේ.
වර්තමානයේ දක්නට නොලැබෙන පුරන වැව් ගම්මානවල තිබුණු අපූරු තහංචියක් ලෙස අණබෝල බැඳීම හදුනා ගත හැකිය.
අසා නැති කරුණු කීපයක්. බෙහෙවින්ම ස්තුතියි
ReplyDeleteInteresting content. Keep it up
ReplyDeleteGreat concept
ReplyDeletewarthamanaye dakinna nathi dewal... thanks a lot sharing those things
ReplyDeleteathithyata ynna aasa hithuna... thank you so much dr
ReplyDeleteVery interesting
ReplyDeletewow...
ReplyDelete