යම් භෞතික වස්තුවක් තවදුරටත් හැඩ ගැන්වීමට, ඔප නැංවීමට ගන්නා දෘශ්‍ය කලා යෙදවුම් සැරසිලි ලෙස හඳුනා ගත හැකිය. එකී දෘශ්‍ය කලාත්මක යෙදවුම් හෙවත් සාම්ප්‍රදායික සැරසිලි පන්සල් චිත්‍රවල බහුලව දක්නට ලැබේ. සාම්ප්‍රදායික සැරසිලි ප්‍රධාන වශයෙන් කොටස් 5කි.
- සත්ත්ව රටා
- මල්කම් ලියකම්
- දිව්‍ය සැරසිලි
- මානව සැරසිලි
- ජ්‍යාමිතික සැරසිලි
සත්ත්ව රටා
සත්ත්ව රටා ප්‍රධාන වශයෙන් ස්වභාවික සත්ත්ව රටා හා නිරූඩ සත්ත්ව රටා ලෙස කොටස් 2කි. ස්වභාවික සත්ත්ව රටාවලදී තුළ ස්වභාවයේ සිටිනා ලෙසටම සතුන් නිරූපණය කරනු ලබයි. අලියා, ඇතා, අශ්වයා, සිංහයා ආදිය ඊට නිදසුන් වේ. නිරූඩ සත්ත්ව රටා තුලින් දක්නට ලැබෙන්නේ සතුන් කිහිපදෙනෙකු මිශ්‍ර කිරීමෙන් සාදනු ලබන සත්ත්ව නිරූපණයන්ය. මකරා, භේරුණ්ඩ පක්ෂියා, ගජ සිංහයා ඊට නිදසුන් වේ. දියුණුම නිරූඩ සත්ත්වයා ලෙස සැලකෙන්නේ මකරාය. ඇතැම්විට සතුන් 7 දෙනෙකු එකතු කොට මකර රූපය සාදා ඇත.
මල්කම් ලියකම් මල් හා ශාක ආශ්‍රය කරගෙන නිරූපණය කෙරෙන සැරසිලි මෙතුලින් නිරූපණය කෙරේ. තනි මල, මල්වැල්, ශාක ආදී ලෙසින් මෙම සැරසිලි කොටස් 3කින් සමන්විත වේ. දෙමට මල, පිච්ච මල, බිනර මල තනිමල් සැරසිලි සදහා නිදසුන් වේ. මෙම සැරසිලි සදහා නෙලුම් මල බහුලව යොදා ගනී. නෙලුම් මල යොදා ගැනීමේ ප්‍රධාන හේතුව ලෙස සැලකෙන්නේ පාරිශුද්ධත්වය හා බුද්ධත්වය නිරූපණය සදහාද යොදාගන්නා බැවිනි. එසේම චිත්‍රවල පසුබිම ගලපා ගැනීමට වගේම හිස්තැන් වසා ගැනීමටත් නෙලුම් මල උපකාරී කර ගනී. මල හා පොහොට්ටුව සහිත වැල් මල්වැල් සදහා යොදා ගන්නා අතර බෝ ගස, නා ගස, කෙසෙල් ගස, අඹ ගස ශාකයන් නිරූපණය සදහා සැරසිලිවලදී යොදා ගනී.
දිව්‍ය සැරසිලි
දිව්‍ය සැරසිලිවලදී ඉර හඳ ප්‍රමුඛ වන අතර එහිදී බහිරව සංකල්පයද නිරූපණය වේ. වටිනා සම්පත් තැන්පත් කර තිබෙන ස්ථාන ආරක්ෂා කිරීම බහිරවයාගේ කාර්යයයි. ඉර හඳට අමතරව කඩුපුල් මල, දිව්‍ය ආභරණ ආදියද මෙහිදී නිරූපණය කෙරේ. මහනුවර යුගයෙන් පසු ලංකාවේ තිබු හින්දු බලපෑම මෙම සැරසිලි තුළින් පෙන්නුම් කෙරේ.
මානව සැරසිලි
නාරිලතා කැටයම් හා ඇම්බැක්කේ දේවාලයේ ලී කැටයම් අතර ඇති මල්ලව පොර රූප මෙම මානව සැරසිලි සදහා නිදසුන් වේ. තනි කාන්තාවක් තමන්ගේ ඉනෙන් උඩ කොටස සහිතව මල් අතැතිව ඉන්නා රූපය නාරිලතා රූපය ලෙස හැදින්වේ. මහනුවර යුගයේ වැඩි වශයෙන් මෙම සැරසිලි දක්නට ලැබී ඇත.
ජ්‍යාමිතික සැරසිලි
ජ්‍යාමිතික සැරසිලි ඒකල ජ්‍යාමිතික සැරසිලි හා අඛණ්ඩ ජ්‍යාමිතික සැරසිලි ලෙස කොටස් 2කි. ඒකල ජ්‍යාමිතික සැරසිලි අතර නෙලුම, බින්දුව, ත්‍රිකෝණ චතුරශ්‍ර ආදිය හඳුනාගත හැකිය. අඛණ්ඩ සැරසිලි අතර පලාපෙති, අරිම්බුව, දියරැළි රටා, ගල් බින්දුව, තනිපොට, දෙපොට ලනු රටා ආදිය දක්නට ලැබේ. නොකඩවා එක දිගටම පවතින රටාවන් අඛණ්ඩ රටා ලෙස හදුනාගත හැකි අතර මෙම සැරසිලි තුල ජ්‍යාමිතික ලක්ෂණ දක්නට ලැබෙන්නේ නැත. අනුරාධපුර යුගයේ පාදම්වල මෙම සැරසිලි දක්නට ලැබේ.
වටිනා දැනුමක්
ReplyDelete❤❤
ReplyDeleteThanks a lot share your knowledge with us
ReplyDeleteනැසී යන අපේ දේ... බොහොම ස්තුති
ReplyDeletesuperb
ReplyDeleteVery creative article dear
ReplyDelete