ගැමි ව්‍යවහාරයේ පැවත එන ජන ජිවිතයේ අත්දැකීම් පාදක කරගනිමින් ගොඩනැගුණු කතාවන් විකාශනයේ තවත් එක් අවස්ථාවක් ලෙස ප්‍රස්තාව පිරුළු හඳුනා ගත හැකිය. වැඩිහිටියන්ගෙන් හෝ පුර්වාචාරීන්ගෙන් ඉල්ලා ගත් දේ ප්‍රස්තාව පිරුළු ලෙසින් හැදින්විය හැකිය. ලාංකේය ප්‍රස්තාව පිරුළු ව්‍යවහාරයන් කෘෂිකාර්මික සංස්කෘතියක් ඔස්සේ දිගු කලක් තිබු මුඛ පරම්පරාගත භාවිතයකි. කටවහරේ අපූර්වත්වය ප්‍රස්තාව පිරුළු මගින් නියෝජනය කෙරේ.
ප්‍රස්තාව පිරුළු සතු කලාත්මක භාවිතාව පරපුරෙන් පරපුරට ව්‍යවහාර වන්නේ පිරුලෙහි ඇති කලාත්මක රීතීන් හේතු කොට ගෙනයි. ප්‍රස්තාව පිරුළු පිලිබඳ අධ්‍යනය කරන විට ඒ සැම පිරුලකටම අදාල කතා පුවතක් ඇත. එසේම විවිධ පදනම් යටතේ ප්‍රස්තාව පිරුළු නිර්මාණය වී ඇති බවක් දක්නට ලැබේ.
සමාජයේ කැපී පෙනෙන චරිත ඇසුරෙන් නිර්මාණය වූ ප්‍රස්තාව පිරුළු :-
- පල නොකියා පලා බෙදනවා වගේ
- රජ වුණත් ගම තුම්පනේ
- තොටගමුවේ වෙලත් බණ බැරුවා වගේ
- සර්පයාට කිරි පෙව්වා වගේ
- බොක්කේ බුදු රැස් හක්කේ දඩමස්
- කටුස්සගේ කරේ රත්තරන් බැන්දා වගේ
- බීරි අලියන්ට විණා වයනවා වගේ
- ඇටි කෙහෙල් කාපු උගුඩුවා වගේ
- ඉබ්බා දියේ දැම්මාම ඇන්නාවේ කිව්වලු
- පිරුණු කළේ දිය නොසැලේ
- සුදු හුණු ගානවා
- පෙරලෙන ගලේ දිය නොසැලේ
- හොරගල් අහුලනවා